Life
මුඛ සෞඛ්‍ය ගැන ඔබත් සැලකිලිමත්ද ?
ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාරපාන ආදිය ශරීරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය ලෙස මුඛය සැලකිල්ලට ගත හැකිය. නමුත් බොහෝ අවස්ථා වලදී අප එතරම් එහි සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් නොවේ.
ඉතා පිරිසිඳු ආහාරපාන අප ආහාරයට ගත්තත් මුඛයේ තුවාල හෝ ආසාදන පවතී නම් ඒවා මත පවතින විෂබීජ සියල්ල අහාර සමග අපගේ ආමාශයට ගමන් කරයි. එම විෂබීජ අපගේ මුළු ශරීරයටම හානිකර අන්දමින් බලපෑම් කිරීමට සමත් වෙයි. මෑතකදී සොයාගත් විද්‍යාත්මක තොරතුරු වලින් පෙනීයන්නේ හදවත් රෝග බොහොමයක් සඳහා හේතුවන බොහොමයක් විෂබීජ ඇතැමුන්ගේ මුඛයේ තිබෙන බවය.
යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට අප කලයුත්තේ මොනවාද?
* දිනකට දෙවරක් දත් මැදීම අනිවාර්යය අංගයක් කරගත යුතුයි.මෙය ලොකු කුඩා සැමට පොදුයි.
* නිතර පිටි සිනි අඩංගු අහාර ගැනීමෙන් වැලකීම හෝ ඒවා ආහාරයට ගත සෑම අවස්ථාවකම හොඳින් කට සේදීම කලයුතුය.
* බෝතල් මූඩි වැනි දෑ විවර කිරීමට කිසිවිටක දත් දෙපල භාවිතා නොකරන්න.ඝන තද දේවල් දත් වලින් සැපීම නොකරන්න.
* දතේ කුහරයක් ඇති වී ඇත්නම් කටු ආදිය භාවිතයෙන් එය නිතර නිතර පිරිසිදු කිරීමට උත්සහ නොකරන්න.දන්ත වෛද්‍යවරයෙකු ලවා එයට දන්ත පිරවුමක් සිදුකරගැනීම අනිවාර්යයි.
* සෑම ප්‍රධාන අහාරවේලකට පසුව කෙඳි සහිත පළතුරක් ආහාරයට ගන්න.
* අධික ශීතල සහ අධික උණුසුම් දෑ ආහාරයට ගැනීමෙන් වලකින්න.
* වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු ලවා දත් දෙපල පරීක්ෂා කරවා ගන්න.
* මසකට වරක් අළුත් දත් බුරුසුවකට මාරුවන්න.
* රාත්‍රියට දත් මැදිමේදී ලුණු වතුර භාවිතා කිරීම වඩා හොඳයි.
* බුලත්විට මත්පැන් සහ දුම්වැටි ආදිය භාවිතයෙන් වැළකිය යුතුයි.
දත් මැදිමේදී දත් බුරුසුවට කොපමණ දන්තාලේප ගත යුතුද ?
දත් මදිනවිට බොහෝ දෙනෙක් දත් බුරුසුව පිරෙන්න දන්තාලේප ගන්නවා. එය අනුවණ ක්‍රියාවක් වන්නේ එයින් සිදුවන්නේ මුඛයේ පෙණ නිපදවීම පමණක් සිදුවන නිසයි. එය දත් සමග බුරුසුව ගැටීමට බාධාවක් වෙයි.එවිට නිසිලෙස දත් පිරිසිඳු නොවේ. ඒ නිසා බුරුසුවේ කෙඳි මතුපිට ප්‍රමාණයෙන් 1/4 කටත් වඩා අඩුවෙන් දන්තාලේප ගැනීම ප්‍රමාණවත්.
තදබල ලෙස මැලියම් බැඳී දත් දෙපල දුර්වර්ණ වී ඇත්නම් බේකින් සෝඩා ඉතා ස්වල්පයක් බුරුසුවට ගෙන දත්මැදීම සිදුකරන්න. (මෙය සතියකට වතාවක් සිදුකරන්න.)